ඇමෙරිකානු පුරවැසිභාවය ගන්න ඕනෙද?

අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5 ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට “Green Card” ලොතරැයිය ක්‍රියාත්මක අතර, තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි “Gold Card” ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනපති ට්‍රම්ප් පවසනවා.
එහිදී ධනවත් විදේශිකයින් හට ඩොලර් මිලියන 5 ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි බවත්, එමගින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමි වන බවත්, ඔහු පවසා තිබෙනවා.
සති දෙකකින් පමණ පසු මෙම නව “Gold Card” විකිණීමේ වැඩිපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බව ජනපති ට්‍රම්ප් පවසනවා.