ලොවම සසල කළ ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය

Jaguar, Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා. ඒ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25% ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙනි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු මේ වනවිට ලොව වැඩි අවධානයක් දිනා ඇති මාතෘකාවකි.

සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25% ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගත්තා. එම බදු බලාත්මක වුණේ පසුගිය දෙවැනිදායි.

එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Jaguar, Land Rover රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා.

යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාවයි. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට එල්ල වන්නේ දැඩි බලපෑමක්.

එම බදු පැනවීමට මුහුණ දීම සම්බන්ධ තීරණයකට එළැඹෙන තෙක් මාසයක කාලයක් සඳහා අමෙරිකාවට Jaguar, Land Rover රථ අපනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ Jaguar, Land Rover රථ බවත්, එම සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමෙරිකානු වෙළෙඳපොළ අත්‍යවශ්‍ය බව එම සමාගමේ මතය වෙනවා.

බ්‍රිතාන්‍ය වාර්ෂිකව Range Rover Sports, Defender ඇතුළු රථ ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරන බවද සඳහන් වෙනවා.

ඒ අනුව, ට්‍රම්ප් පැනවූ බදු බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලකරන බව නොරහසකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *