සල්ලි නිසා වැරදි කරන වෙළෙන්ඳෝ

මනුෂ්‍යය පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය නියෝග කළ බව වාර්තා වෙනවා.

එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරමින් කියා සිටින්නේ ගුල්ලන් සහිත එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසයි.

මෙලෙස දඩ නියම වී තිබෙන්නේ, පෑලියගොඩ ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නැමැත්තෙකුටයි. විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය පවසා තිබෙන්නේ, ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝග්‍රෑම් 30,000 ක් සොයා ගැනීමට හැකි වූ බවයි.

ඒ වගේම, එම පරිප්පු තොගයේ කල් ඉකුත් වීමේ දිනය 2026 ජූලි මස ලෙස බහාලුම් තුළ සඳහන් කරමින්, මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවත්, මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අධිකරණයට දැන්වා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *