අද එයාලට ගොඩක් වටින දවසක්

අම්බලන්තොට – රිදියගම සෆාරි උද්‍යානයේ සිටින මාස තුනක් වයස පිරුණු සිංහ පැටවුන් හය දෙනාට නම් තැබීම අද සිදු වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සිංහ පැටවුන්ට තැබීම සඳහා යෝජනා වූ නම් සංඛ්‍යාව 4000 කටත් අධික බවත්, ඒ අතුරින් තෝරාගත් නම් 06 ක් පැටවුන්ට තැබූ බවත් සඳහන් වෙනවා. මෙම නම් තැබීම සිදු වී තිබෙන්නේ අද පෙරවරුවේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.සී රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ඒ අනුව පිරිමි සිංහ පැටවාට මේඝ ලෙසද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අඝ‍්‍රා, භූමි, අකීරා සහ එල්සා ලෙස නම් තබා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම නම් යෝජනා කළ අයගෙන් තිදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වී ඇති අතර, ඔවුන්ට තිළිණ ප‍්‍රදානයක්ද සිදු කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *