හිතුවට වඩා පස්ගුණයකට වෙන්දේසි වූ ටයිටැනික් ලිපිය

ටයිටැනික් නෞකාවේ මගියෙකු විසින් එම නෞකාව ගිලීයාමට දින කිහිපයකට පෙර ලියන ලද ලිපියක් පසුගියදා, බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබෙන බව වාර්තා වෙනවා.

කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි නම් පුද්ගලයෙකු විසින් ලියන ලද එම ලිපිය, පවුම් ලක්ෂ 3 කට වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ලිපිය පවුම් 60,000 ක මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළත්, එම මුදල මෙන් පස් ගුණයක මුදලකට එය වෙන්දෙසි වී තිබීම විශේෂත්වයක් වෙනවා.

කෙසේ වුවත් එම ලිපිය මිලදී ගෙන ඇත්තේ නිර්නාමික ගැනුම්කරුවෙකු විසිනි.

කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසිගේ 1912 වසරේ අප්‍රේල් මස 10 වන දිනැති අදාළ ලිපියෙන් දින 05 කට පසු ටයිටැනික් නෞකාව උතුරු අත්ලන්තික් සාගරයේදි අයිස් කන්දක ගැටී ගිලි ගිය අතර, එහිදී නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 2,200 ක පමණ පිරිසෙන් 1,500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *