අර්ධ මැරතන් තරගයකට සම්බන්ධ වෙන එයාලා

මෙම වසරේ අප්‍රේල් මස බීජිං නුවර පැවැත්වෙන අර්ධ මැරතන් තරඟයකදී ප්‍රථම වරට ද්විපාද රොබෝවරු මිනිස් ක්‍රීඩකයින් සමඟ දිවීමට නියමිත වෙනවා.
බීජිං ආර්ථික හා තාක්ෂණික සංවර්ධන කලාපයේ :ඊ-ටවුන්* අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මෙම සුවිශේෂ තරඟයට ක්‍රීඩකයින් 12,000 ක් සහ ලොව ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගම් විසින් නිර්මාණය කරන ලද රොබෝවරු දසදහස් ගණනක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ටෙස්ලා, බොස්ටන් ඩයිනමික්ස් සහ 1ඞ වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් මෙම විශේෂ තරඟය සඳහා ඔවුන්ගේ රොබෝවරුන් ඉදිරිපත් කරන බව දැනටමත් දන්වා තිබෙනවා. තරඟයට සහභාගී වීම සඳහා රොබෝවරුන් මිනිස් ස්වරූපයෙන් යුක්ත විය යුතු අතර, උස මීටර් 0.5 සිට 2 දක්වා විය යුතුයි. ඒවගේම, පාද දෙකක් මත දිවීමට හෝ ඇවිදීමට හැකියාව තිබිය යුතුයි.
මේ ආකාරයට, මිනිසුන් මෙන්ම යන්ත්‍රද ඔවුන්ගේ කාර්ය සාධනය අනුව මුදල් ත්‍යාග සඳහා තරඟ වැදීමට නියමිතයි.
