2025 වසර පිටරට යන්න ඉන්න අයට විශේෂයි

2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි සභාපති සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේ, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියා.

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බවත්, ඒ අනුව, 2024 වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කරනවා.

2024 වර්ෂයේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා සඳහා සියයට 65 ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 35 ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ වගේම, 2025 වර්ෂයේදී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් සියයට 75 ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 25 ක පිරිසක් යොමුකිරිමට සැලසුම් කරන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.

ඒ අනුව, කුවේට් රාජ්‍යය සඳහා 84,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000 ක්, සෞදි රාජ්‍යයේ රැකියා සඳහා 52,000 ක් යොමුකිරිමට බලාපොරොත්තු වෙනවා.

එසේම කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000 ක්, දකුණු කොරියාව යන රටවල් සඳහා ශ්‍රමිකයින් 8,000 ක් යොමුකිරිමට කාර්යාංශය සැලසුම් කර තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *