ලෝකයේ කැතම සත්වයාට හිමිවුණු විශේෂ ස්ථානය

ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්‍වෙන බ්ලොබ්ෆිෂ් (blobfish) නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබෙනවා.

මෙම මාළුවා මුහුදු පතුලේ ජීවත් වන අතර දිග අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ වෙනවා.

මෙම පාරිසරික කණ්ඩායම විසින් නවසීලන්තයේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වැටසහනකට දී මෙම නම් කිරීම සිදුකර තිබෙන බව සඳහන් වෙනවා.

බ්ලොබ්ෆිෂ් සාගර පතුලේ ජීවත් වන අතර, ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වෙන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් අඩි 2ල000-4ල000 :මීටර් 600-1ල200* ගැඹුරක ජීවත් වෙන බව දක්නට ලැබෙනවා.

බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද අනුභව කරන අතර, මෙම මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත්ත කරගෙන සිටින බවද සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *