වසා දැමූ එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ අද 21 දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තීරණය ගැනීමට ඔවුන්ට සිදුව තිබෙන්නේ, එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙනි.
මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත්, නිවේදනයක් නිකුත් කරමින්, හීත්‍රෝ ගුවන්තොටුපොළ පවසා තිබෙනවා.
හීත්‍රෝ යනු එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ වන අතර, දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300 ක් පමණ සිදු කෙරෙන අතර, පසුගිය වසරේ එහි පර්යන්ත හරහා වාර්තාගත මගීන් මිලියන 83ග9ක් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට ප්‍රදේශයෙන් පුද්ගලයින් 150 ක් පමණ ඉවත් කර තිබෙන බවත් වාර්තා වෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දහයක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ යවා ඇති බව ලන්ඩන් ගිනි නිවන ඒ්කකය පවසනවා.
එමෙන්ම ගින්නෙන් ඇති වූ විදුලිය ඇනහිටීමෙන් නිවාස 16,300 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසින්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.