විදුලි ඉංජිනේරු සංගමය කියන කතාව

දැනට හඳුනාගෙන තිබෙන ආකාරයට, සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බව එම සංගමය පෙන්වා දෙනවා.
පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතියල අසමතුලිත වීමෙන්, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බව එම සංගමය සිය නිවේදනයේන් පෙන්වා දෙනවා.
ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියත්, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගන්නට පුලූවන් වුණූ බව ඔවුන් පවසනවා.
කෙසේ නමුත් අද 09 දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්ත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බවට අනුමාන කරන බව එම සංගමය සඳහන් කරනනවා.
එමෙන්ම සිය නිවේදනයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ, මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතින බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කළ බවත්, මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බවට නිරීක්ෂණය කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.