අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ හමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම හමුව සිදු වූ බව වාර්තා වෙනවා.

එම හමුවේදී, ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳවද කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මහතා ද එක් වූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *