ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලයට ගිය යෝජනාව

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව අදාළ වාර්තාව ඊයේ (03) දිනයේ ඉදිරිපත් කර ඇති අතර, එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා.
පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබෙනවා.
ඉඩම් ආපසු ලබාදීමල, සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි සිය ප්‍රශංසාව ඇති කර ඇති බව වාර්තා වෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙනයන ක්‍රියාමර්ගවලට සහාය ලබාදෙන අතර, එම නීතී ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිදුවිය යුතු බවද අවධාරණය කර තිබෙනවා.
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට රජයේ පාර්ශ්වයෙන් ද වාචික වාර්තාවක් ඊයේ දිනයේ ඉදිරිපත් කර ඇති අතර, එමඟින් වත්මන් රජය ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික සමාජයීය සංවර්ධනයක් සඳහා ගෙනයනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.
සියලු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.