ලොවක් සංවේදී කළ වසරේ ඡායාරූපය

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර තිබෙනවා.
කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් විසින් මෙම ඡායාරූපය ගෙන තිබෙන අතර, මෙම ඡායාරූපයේ සිටින්නේ 9 හැවිරිදි මහමුද් අජ්ජෝර්ය.
බෝම්බ ප්‍රහාරයකින් පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3 කට පසු අනෙක් අතද ඉවත්කර තිබෙනවා.
මෙම ඡායාරූප ශිල්පියා අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇති අතර, අබු එලූෆ් තමන් මෙම ඡායාරූපය ගැනීමේ දී, දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍යවෙත පවසා තිබෙනවා.
