කෝටි ගණනකට අලෙවි වුණු Number Plate එක

පොහොසත් රටවල ප්‍රකෝටිපතියන් හඳුනාගනු ලබන ප‍්‍රධාන සංකේතයක් තමයි ඔවුන් ධාවනය කරන වාහනවල තියෙන Number Plate එක.
එම නිසා ඒ රටවල Number Plates ලංසු මඟින් ඉතා අධික මිලකට අලෙවි කරන බව සුලබ කරුණක්. ඒ අනුව, පසුගියදා ඩුබායිවල DD 5 යන Number Plate එක වෙන්දේසි කර තිබෙනවා.
එම Number Plate එක සඳහා ප්‍රකෝටිපතියන් කිහිප දෙනෙක්ම ලංසු තබා තිබෙන බවත්, ඒ අනුව එහි ඉහළම ලංසුව Binghatti සමාගමේ අයිතිකරු විසින් දිනාගෙන තිබෙන බවත් සඳහන් වෙනවා.
ඒ ඩුබායි ඩිරාම් මිලියන 35 ක වැනි මුදලකටයි.
Binghatti යනු ඩුබායි හී දේපළ වෙළඳාම් ආයතන අතර ඉදිරියෙන්ම සිටින සමාගමක් වන අතර, මෙය ඩුබායි ඉතිහාසයේ Number Plate එකකට හිමි වූ අධිකම මිල ලෙස ඉතිහාසගත වී තිබෙනවා.`