ලොව වඩාත් ආකර්ශනීයම ක‍්‍රිකට් තරගාවලිය

ලොව වඩාත් ආකර්ශනීයම මෙන්ම අතිදැවැන්තම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය එළැඹෙන 22 වනදා ආරම්භවීමට නියමිතයි. 2008 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18 වන වරටයි.
තරගාවලිය ආරම්භයට පෙර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබෙන අතර, බොලිවුඩ් නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය තරු රැසකගේ සහභාගිත්වයෙන් අතිඋත්කර්ශවත් ලෙස මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත වෙනවා.
පසුගිය වසරේ පැවති සමාරම්භක උත්සවය සඳහා ජනප්‍රිය ඉන්දීය නිළි දෙපළක් වූ තමන්නා භාටියා හා රශ්මිකා මන්දනා සහභාගි වූහග
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පසුගියවර ශූර කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වීමට සූදානම් වන අතර, කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මැයි මස 25 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.