ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය

අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් එරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය සිදු කර තිබෙනවා. ඒ පැය 25 යි විනාඩි 5 ක කාලයක් ඉක්මවා යමිනි.
මෙම වාර්තාව පිහිටවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්ජර්සි ප්‍රාන්තය නියෝජනය කරන කෝරී බුකර් විසිනි.
සෙනෙට් සභාවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂයේ කටයුතුවලට බාධා කිරීමේ අරමුණින් තමන් අඛණ්ඩව කථා කිරීමට උත්සහ දරන බව සිය දේශනය ආරම්භ කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු කිසිඳු විවේකයක් නොගෙන අඛණ්ඩව සෙනෙට් සභාවේ පීඨිකාවේ රැඳී සිටිමින් පැය 25 ක කාලයක් සිය දේශනය සිදුකර තිබෙනවා.
අදාළ දේශනයට අමෙරිකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ විවේචන පමණක් නොව ක්‍රීඩා තොරතුරු සහ කවිපවා ඇතුළත් වී තිබෙන අතර, විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අනෙක් සෙනෙට් සභිකයින්ද දේශනය පවත්වාගෙන යෑමට සහයෝගය පළ කළ බව සඳහන් වෙනවා.
ඒ අනුව, 1957 වසරේ .සිවිල් අයිතිවාසිකම් පනත. සම්මත වීම වැළැක්වීමේ අරමුණින් සෙනෙට් සභික ස්ට්‍රෝම් තර්මන්ඩ් සිදුකළ පැය 24යි මිනිත්තු 18 ක දේශනය අභිබවා යාමට කෝරී බුකර් සමත් වූ බව සඳහන් වෙනවා.