ටයිටෑන් සබ්මැරීනයේ අවසන් සුසුම්

ගිලී ගිය ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් අනතුරට පත්වූ ටයිටන් නම් කුඩා සබ්මැරීනයේ අවසන් හඞ පටය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
සැතපුම් 900 කට ආසන්න දුරකින් NOAA ධ්වනි නිරීක්ෂණ උපකරණයක් විසින් පටිගත කරන ලද තත්පර විස්සක මෙම ශබ්ධයේ ස්ථිතික පිපිරීමක්, ගිගිරුම් සහිත උත්පාරකයක් සහ පසුව සබ්මැරීනයේ අවාසනාවන්ත අවසාන ශබ්ධ ලෙස විශ්වාස කරන ශබ්ධය ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ දැඩි පීඩනයක් සහිතව සබ්මැරීනය පිපිරී ගිය අවස්ථාවයි.
කෙසේ වුවත් ටයිටන් සබ්මැරීනයත් සමග මෙම අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දුන්නේ, ඕෂන් ගේට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ස්ටොක්රොන් රෂ්, බිලියනපතියෙක් වන හර්මිෂ් හාර්ඩන්, ප‍්‍රංශ කිමිදුම් ශිල්පී හෙන්රි නාජොලෙට්, පාකිස්ථාන සම්බවයක් සහිත ෂෙහෙසාදා ඩාවුඞ් සහ ඔහුගේ පුතු සුලෙයිමන් ඩාවුඞ් යන අයයි.
මොවුන්ගේ අරමුණ වී තිබුණේ වර්ෂ 1912 දී මුහුදු බත් වුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිළිබඳ ගවේශණයක් සිදුකිරීමයි.