“The Henley” – 2025 ලැයිස්තුවේ අපි කොතනද?

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් ආයතනය කියන්නේ, එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සළකා ගුවන්ගමන් බලපත්‍රවල ප්‍රබලත්වය ශ්‍රේණිගත කරන ලොව ප්‍රධානතම ආයතනයකි.

ඒ ආකාරයට එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ මෙවර ,ද හෙන්ලි, ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබෙන ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193 කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි. ස්ථාන 99 ක් නම් කර ඇති මේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන ඇති අනෙක් රටවල් වන්නේ, ඉරානය සහ සුඩානය යන රටවල්ය.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 42 කට පමණි.

ජපානය සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවලට හිමිව තිබෙනවා.

ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු ආසියානු කලාපීය රටක් වන ඇෆ්ගනිස්තානයයි.

කෙසේ වුවත්, 2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ 96 වැනි ස්ථානයේ වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසර තුළ ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙන බව දක්නට ලැබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *