ඇමෙරිකා – චීන ගැටුමේ රන් ප‍්‍රතිඵලය

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,200 :රුපියල් ලක්ෂ 9කට වැඩි* සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙනවා.

චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ද රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500 ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 24 රන් පවුමක් රුපියල් 256,000 ක් දක්වා ඉහළගොස් තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *