බළලෙකු නිසා කල් දමන්න වුණු ගුවන් ගමන

රෝමයේ සිට ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතව තිබූ රයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බළලෙකු සොයා ගැනීමත් සමඟ එම ගුවන් ගමන දින දෙකකට කල් තැබීමට සිදු වී තිබෙනවා.
එම යානය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර බළලෙකුගේ කෑ ගසන ශබ්දයක් ඇසීමත් සමඟ සිදුකළ සොදිසි කිරීමකදී නිසැකවම බළලෙකු ගුවන් යානයේ සැඟව සිටින බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, නඩත්තු සේවකයින් බළලා සිටින ස්ථානය සේවීම ආරම්භ කර ඇති අතර, එහිදී බළලා ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපාංග සවිකර තිබෙන මැදිරියේ සැඟව සිටින බව සොයාගෙන ඇති නමුත් ඌ අල්ලා ගැනීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම නැවත නැවත් බළලා උපාංග ඇතුලට රිංගා ගොස් සැඟව සිටීමට උත්සහ කිරීමත් සමඟ නිලධාරීන්ට ඇතැම් කොටස් ගලවා ඉවත් කිරීමට පවා සිදුවී තිබෙනවා.
අවසානයේ බළලාම ඌ සිට තැනින් ඉවතටවිත් ගුවන් යානයේ ප්‍රධාන දොරටුවෙන්ම පැමිණ මගීන් බැස යන පඩිපෙළින්ම බැසගොස් තිබෙනවා.
අවසානයේ ගුවන් යානයේ ඇතැම් කොටස් ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක හේතූන් මත ගුවන් ගමන දින දෙකකට අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් වෙනවා.
බළලා සිටින බව නොදැන ගුවන් යානය ගමන් කළා නම් ගුවන් සමාගමට ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව විචාරකයින්ගේ අදහසයි.