ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකුගේ නික්ම යාම

ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන heavy weight ක්‍රීඩක අමෙරිකාවේ George Foreman ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසනවා.

බොක්සිං වළල්ල තුළ “Big George” ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6 යි අඟල් 3 ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙකි.

1968 ඔලිම්පික් උළෙලේදී, ඔහු රන් පදක්කම් දිනාගැනීමට සමත්වුණු අතර, දෙවරක් ලෝක heavy weight ශූරතාව දිනා ඇති ඔහු, ලොව වයස්ගතම heavy weight ලෝක ශූරයාද ලෙසද හඳුන්වනවා.

ඔහු පළමු ශූරතාව දිනා වසර 21 කට පසු එනම් වයස අවුරුදු 45 දී දෙවන ශූරතාව දිනාගත් බව සඳහන් වෙනවා.

මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වන ෆෝමන් 1974 පැවති ජනප්‍රිය ‘Rumble in the Jungle’ තරගයේදී තියුණු සටනකට පසු පරාජය වූ අතර, ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං දිවිය තුළ තරග 81 කින් තරග 76 ක්ම ජයග්‍රහණය කර තිබෙන බවත්, ඉන් තරග 68 ක්ම ‘Knockout’ ජයග්‍රහණ වීම විශේෂත්වයක් ලෙස හඳුන්වනවා.

කෙසේ වුවත්, 1997 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ජෝර්ජ් ෆෝමන්, මිය යනවිට 76 වන වියේ පසුවූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *