දකුණු ආසියාවේ ත‍්‍රස්ත අවධානම අඩුම රට

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ, 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගිනි.
ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර තිබෙනවා.
ලෝක ජනගහණයෙන් 99.7% ක් ආවරණය වන පරිදි රටවල් 163 ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව, ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර, එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පාකිස්තානයයි. ඒ වගේම, ත්‍රස්තවාදී අවදානම වැඩිම රටවල් අතර තෙවන ස්ථානයට, සිරිවයාව පත්වී තිබෙනවා.
මෙම දර්ශකයට අනුව අඩුම ත්‍රස්තවාදී අවදානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සියවන ස්ථානය හිමිවී ඇති බව සඳහන් වෙනවා.
2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36 වන ස්ථනායේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64 ක් පහතට ගමන් කර ඇති අතර, දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
දකුණු ආසියානු කලාපයේ පසුගිය වසර 5 තුළ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය නම්කර ඇති අතර, 2019 වර්ෂයෙන් පසු අඛණ්ඩව ත්‍රස්ත තර්ජන අඩුවී ඇති බව අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.