Shenzhou අභ්‍යවකාශ මෙහෙයුම් මාලාවේ 20 වැනි මෙහෙයුම

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් පසුව එහි ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඊයේ 24 පස්වරුවේ අභ්‍යවකාශගත කළ Shenzhou-20 යානය අද 25 අලුයම 1.17 ට පමණ කක්ෂගතව වී ඇති බව සඳහන් වෙනවා.
අනතුරුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟා වූ කැප්සියුලයෙන් පැමිණි ගගනගාමීන් උණුසුම් ලෙස පිළිගැනීමට එහි මෙහෙයුම්වල නිරතව සිටි Shenzhou-19 ගගනගාමීන් පියවර ගෙන තිබුණු බව වාර්තා වෙනවා.
ඒ සමඟම, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් සංඛ්‍යාව මේ වනවිට හයක් වන අතර, ඔවුන් විවිධ කාර්යයන් සම්පූර්ණ කරමින් ඉදිරියේ දී සිය මෙහෙයුම්වල නිරත වන බව එම මාධ්‍ය දක්වනවා.
කෙසේ වෙතත්, මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් ව තිබුණේ, Chen Dong, Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනායි.
චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී තිබූ ඊයේ දිනයේ දී Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක් වෙන අතර, චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55 කට පෙරදී බව සඳහන් වෙනවා.
එමෙන්ම මීට වසර 22 කට පෙර චීනය සිය මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සාර්ථකව ආරම්භ කළ අතර, මෙවර අභ්‍යවකාශ මෙහෙයුම, ඉතිහාසයට එක් වන්නේ, Shenzhou අභ්‍යවකාශ මෙහෙයුම් මාලාවේ 20 වැන්න ලෙසයි.
