දමිළ ග‍්‍රන්ථ ද්විත්වය එළි දැක්වීමේ උත්සවය

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද දමිළ ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමේ උත්සවය අද (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් රචිත, “අපි කොටසක් මිස වෙන්ව නොවේ”, යන දමිළ ග්‍රන්ථය සහ මහාචාර්ය රාජන් හූල් මහතා විසින් ඉංග්‍රීසියෙන් රචනා කරන ලද ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ඛේදවාචකය පිළිබඳව ග්‍රන්ථයේ, “පාස්කු ඉරිදා ව්‍යසනයේ සැඟවුණු අත හෙළි වූ විට”, යන මෙයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්.අමීන් මහතා විසින් පරිවර්තනය කරන ලද දමිළ ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමේ උත්සවය අද (30) පස්වරු 5.00 ට කොළඹ පදනම් ආයත ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙහිදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ එම්.එම්.සුහයිර්, ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද හත්තක යන මහත්වරුන් විසින් ආරාධිත දේශනය සිදුකිරීමට නියමිත අතර, ග්‍රන්ථ විචාරය මහාචාර්ය එම්.එස්.එම්.අනස් මහතා විසින් සිදුකිරීමට නියමිතයි.

ඒවගේම, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්.අමීන් මහතා ද මෙහිදී අදහස් දක්වනවා.

විශේෂයෙන් ම මෙම උත්සවයේ ග්‍රන්ථ දෙකම වට්ටම් සහිත මිලකට පිරිනමන බව ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ ලේකම් සාදික් ෂිහාන් මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *