ජීවිතය ගැන සැළකිලිමත් වෙන්න

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ..chikungunya.. රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ..chikungunya.. රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බව වෛද්‍යවරු පවසනවා.

..chikungunya.. රෝගය මේවනවිට හඳුනාගෙන තිබෙන්නේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙසයි.

..chikungunya.. වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර, රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදුවෙනවා.

විශේෂයෙන් ම මෙරට තුළ යළිත් chikungunya රෝගය ව්‍යාප්තවීමේ තත්ත්වයක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන පසුබිමක, ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින්, ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගත යුතු වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *