මේ වසරේ මේ දක්වා සාර්ථකත්වය

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 26 වනදා දක්වා කාලය තුළ සංචාරකයන් හය ලක්ෂ 84,960 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉන් මාර්තු මස පළමු දින 26 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 2 කට (191,982) ආසන්නයි.

ඒ අනුව, මේ වසරේ ඉලක්කය වන විදෙස් සංචාරකයින් මිලියන 3 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර රැසක් ගනිමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ රුවන් චමින්ද රණසිංහ මහතා,

“අපි ඉලක්ක කරලා තියෙන්නේ ඉන්දියාව, මැද පෙරදිග, ජපානය, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය, චීනය යන රටවලින් සංචාරකයන් ආකර්ශනය කරගන්න.  

මේ වසර අවසානයේ ජාත්‍යන්තර සර්ෆින් තරගාවලියක් අපි සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ කණ්ඩායම් එකතුකරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ සහයෝගයෙන් නැගෙනහිර වෙරළ තීරයට ඉතාමත් හොද කාලසීමාවක් වෙයි කියලා හිතනවා”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *