ගෙවත්තෙන් හමු වූ ආගන්තුකයෝ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102 ක් හමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගෙවත්තේ සිටි සුනඛයෙකුට සර්පයෙක් දෂ්ට කළ බවට වාර්තා වීමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී මෙම සර්පයන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එහිදී වැඩිහිටි සර්පයන් 05 දෙනෙක් සහ පැටවුන් 97 දෙනෙකු සොයා ගෙන ඇති අතර, සර්පයන් ජාතික වනෝද්‍යානයකට මුදා හැරීමට නියමිතයි.
රතු පැහැති ගෙලක් සහිත කළු සර්පයන් ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන අතර, ඔවුන් ඉතා විෂ සහිත සර්ප විශේෂයක් වන බව සඳහන් වෙනවා.
