ශ‍්‍රී ලාංකීය සමුද්‍රිය ඉතිහාසය නව සන්ධිස්ථානයකට

ශ‍්‍රී ලාංකීය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා වී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින්, ලෝකයේ විශාලතම බහලුම් නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙනවා.

2023 වර්ෂයේ දී ඉදිකරන ලද MSC MARIELLA බහලුම් නෞකාව දිගින් මීටර් 399.90 කින් යුතු වන අතර, නෞකාවේ පළල මීටර් 61.30 කි. ඒ වගේම එය ටොන් 240739.0 ක ධාරිතාවයකින් සමන්විත වෙන අතර, නෞකාවේ රැගෙන යා හැකි බහලුම් ධාරිතාව 24.24 කි.

මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත පැමිණීම තුළ නැගෙනහිර පර්යන්තය සතු අතිවිශාල බහලුම් නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වෙනවා.

මේ වන විට නැගෙනහිර බහලුම් පර්යන්තය සතුව ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් සමන්විත (STS) ග්‍රැන්ටි දොඹකර සමූහය තුළින් කාර්යක්‍ෂමව සහ ආරක්ෂිතව බහලුම් මෙහෙයුම් සිදුකිරීමට අවකාශය සලසා තිබෙන බව සඳහන් වෙනවා.

එය දියුණු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ශක්‍යතාව හා කැපවීම යළිත් තහවුරු කිරීමක් බව සැළකෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *