BIMSTEC ගිය ශ‍්‍රී ලංකා අගමැතිනි

අද 04 පැවැත්වෙන 6 වැනි BIMSTEC සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය තායිලන්තයට ගොස් තිබෙනවා.

ඒ අනුව, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට ද අග්‍රාමාත්‍යවරිය එක් වුණා.

වසර තුනකට පසු පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ තේමාව ෙවන්නේ, සෞභාග්‍යවත් ඔරොත්තු දීම සහ විවෘතභාවය යන්නයි.

සාමාජික රටවල් හත වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හවුල් ආරක්ෂක සහ සංවර්ධන අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම බිම්ස්ටෙක් සමුළුවේ අරමුණයි.

සමුළුවට සමගාමීව තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න ප්‍රවර්ධන වැඩසටහන්වලට ද අග්‍රාමාත්‍යවරිය සහභාගී වී තිබෙනවා.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති අතිපූජ්‍ය ප්‍රා ධම්ම වජිර පඤ්ඤාචාර්ය හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *