වසර 17 කට පසුව සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට

වසර 17 කට පසු සාෆ් හෙවත් දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ඒ නේපාලයේදී පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදියි.
අවසන් වරට ශ්‍රී ලංකාවේදී දකුණු ආසියානු පාපන්දු තරගාවලියක් ක්‍රියාත්මක වූයේ 2008 දී වන අතර, මීට අමතරව 1995 වසරේදී ද ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දී තිබුණා.
කෙසේ වෙතත් 1995 වසරෙන් පසු පසුගිය වසර 30 දීම දකුණු ආසියානු පාපන්දු ශූරයින් වන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකිව නැහැ.
මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සඳහා ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය, භූතානය, නේපාලය, බංග්ලාදේශය සහ සත්කාර ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතයි.