සංචාරකයින් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ මල් ප‍්‍රදර්ශනය

නුවරඑළියේ පැවැත්වෙන මල් ප්‍රදර්ශනය අද ආරම්භ වී ඇත – මෙම ප‍්‍රදර්ශනය විවිධ වර්ණයන්ගෙන් යුතු මල්වලින් සමන්විත වෙනවා. නුවරඑළියට ගමන් කරන සංචාරකයන්ට ආකර්ෂණය වෙයි යැයි සිතා, වසන්ත සමය සමරමින් සිටිනසංචාරකයන්ට සතුටක් ලබා දෙන පරිදි, නුවරඑළිය නගර සභාවේ සංවිධානයක් ලෙස අද (18) වික්ටෝරියා උයනේදී මෙම මල් ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී.
ඒ අනුව මෙම මල් ප්‍රදර්ශනය අද (18) සහ හෙට (19) යන දිනයන්දී පොදු ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
මෙහිදී සංචාරකයන්ගේ ඇස් ආකර්ෂණය කරන විවිධ වර්ණවත් මල් ගස් සෑදී තබා ඇති අතර, ඒවාට විවිධාකාරයේ අලංකාර පෙනුමක් ලබා දී තිබෙනු දක්නට ලැබෙනවා.
එහිදී ළමා සහ සංචාරකයන්ට විශේෂයෙන් ආකර්ෂණය වන පරිදි ගිජු සතුන් සහ පක්ෂි ප්‍රතිරූපයන්, විවිධ රූපවත්වයන් හා ශාක හැඩයන් සකසා ඇති අතර, වික්ටෝරියා උයන මුළුමනින්ම මල්වලින් පිරී තිීබීම සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගන්නට සමත් වේවි.
