එක දිගට කඩා වැටෙන හිමාලයේ හිම කඳු

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ දුරස්ථ දේශසීමා ප්‍රදේශයක සිදුවූ දැවැන්ත හිම කුණාටුවකින් මාර්ග සේවකයින් 41 දෙනෙකු පමණ සිරවී සිටින බව එරට නිලධාරීන් පවසනවා.
කෙසේවෙතත් ඉන් කම්කරුවන් 16 දෙනෙකු බේරාගෙන අසල පිහිටි හමුදා කඳවුරකට ගෙන ගොස් ඇති බව එරට පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
ටිබෙටය සමඟ දේශසීමාවක් හුවමාරු වන උත්තරාකන්ඩ්හි මානා හි දේශසීමා මාර්ග සංවිධානයේ කඳවුරකට, මෙම හිම කුණාටුව කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
මෙහිදී ඉන්දු-ටිබෙට් දේශසීමා පොලීසිය සහ අනෙකුත් කණ්ඩායම් විසින් ගලවා ගැනීමේ කටයුතු සිදු කරන බව උත්තරාකන්ඩ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.