සෙනසුරු ග‍්‍රහයාගේ වළලූ පද්ධතිය අතුරුදහන්

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව In-the-Sky වෙබ් අඩවිය අනාවරණ කර තිබෙනවා.

මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස්වන්නේ නැති බව සඳහන් වෙනවා.

මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7 ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙනි.

සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය පෘථිවි වාසීන් අවසන් වරට අත්විඳ ඇත්තේ 2009 වසරේදී බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *