සකුරා මල් සමය ප‍්‍රකාශ කරයි

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය, නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ටෝකියෝ හී යකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි.
මාර්තු මස අවසන් දින කිහිපයේ සහ අප්‍රේල් මස වන විට සකුරා මල් පිපීම වැඩි වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා. මේ සමඟම ජපානයේ වසන්ත කාලය ද ඇරඹෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම සකුරා ගසක මල් පිපීම සෞභාග්‍යයේ සළකුණක් ලෙස ජපන් ජනතාව සලකනු ලබනවා.