ජනප්‍රිය ගායිකා Shreya Ghoshal ට කරදරයක්

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන shreya ghoshal X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබෙනවා.
shreya ghoshal සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී තිබෙනවා. ඇය පවසා ඇත්තේ, සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බවයි. එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බවත් ඇය පවසා තිබෙනවා.
එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිඳු පොස්ටුවකට, සටහණකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසයි.
එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X ගිණුම යථා තත්ත්වය පත් වූ විගස වීඩියෝවක් හරහා ඒ බව දැනුම් දෙන බවයි.