ඔස්කාර් සම්මාන උළෙල 2025

97 වැනි ඔස්කාර් සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණා.
මෙවර ඔස්කා සම්මාන උළෙල මෙහෙයවූයේ, ඇමරිකාවේ ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියකු වන කොනන් ඕ.බ්‍රයන් විසින් වන අතර, කාණ්ඩ 23 ක් යටතේ සම්මාන ප්‍රධානය සිදු කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ අනුව මෙවර ඔස්කාර් සම්මාන උළලේ හොඳම නළුවාට නිර්දේශිත නාම 5 ක් ඇතුළත් වුණා.
ඒවායින්, ද බ්රුට්ලිස්ට් සිනමා පටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වූ .එඩ්රියන් බ්‍රොඩි, සම්මාන උළලේ හොදම නළුවාට හිමි ඔස්කා සම්මානය දිනා ගනු ලැබුවා. ඒ වගේම, අනොරා සිනමා පටයට රංගනයෙන් දායක වු මයිකි මැඩිසන් හොදම නිළියට හිමි ඔස්කා සම්මානය දිනා ගැනිමට සමත් වුණා.
හොඳම සහය නළුවාට හිමි සම්මානය කීරන් කුල්කින් දිනා ගත් අතර, හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ සොයි සල්ඩානා විසිනි.
මේ අතර, උළෙලේ, හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය දිනා ගත්තේ, අනෝරා සිනමාව වෙනුවෙන් ෂොන් බේකර්ය.
මේ අතර ඔස්කා සම්මාන උළලේ හොදම චිත්‍රයට හිමි සම්මානය දිනා ගැනීමට අනොරා චිත්‍රපටය සමත් වී තිබීම විශේෂයක් වුණා.