“Operation Sindoor” නවතම තත්වය

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව දියත්කළ “Operation Sindoor” ප්‍රහාරක මෙහෙයුමට පාකිස්තානයද ප්‍රතිචාර දක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ සමස්ත බටහිර දේශසීමාව ඔස්සේ ඩ්‍රෝන් යානා සහ අනෙකුත් ප්‍රහාරක අවි යොදාගනිමින් පාකිස්තාන හමුදා ඊයේ (08) රාත්‍රියේ සහ අද (09) අලුයම් කාලයේ ප්‍රහාර එල්ල කර ඇති බව එම මාධ්‍ය සඳහන් කරනවා.
ඉන්දියාව පසුගියදා පාකිස්තානයට එරෙහිව දියත් කළ ඔපරේෂන් සින්දූර් මෙහෙයුමේදී සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් 57 දෙනෙකු තුවාල ලැබූ අතර, එම ප්‍රහාරවලදී ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙළීමට සිය හමුදාව සමත්වූ බව පාකිස්තානය රජය ප්‍රකාශ කර තිබුණා.
විශේෂයෙන් ම ඉන්දියාවේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 25 ක් ද බිම හෙලූ බව පාකිස්තාන හමුදාව සඳහන් කරනවා.
මේ අතර, දේශසීමාව ඔස්සේ පාකිස්තානය එල්ලකළ ෂෙල්වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දියාව පවසනවා.
