ලොව භයානකම ත‍්‍රස්තවාදීන්ගෙන් අයෙකු මරුට

අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් ISIS ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියෙකු වන අබ්දුල්ලා මක්කිමුස්ලිහ් අල් රිෆායි නොහොත් අබු කදීජා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අබු කදීජා ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙකු ලෙස සැළකෙන අතර, එම ප්‍රහාරය අමෙරිකාව සහ ඉරාක බුද්ධි අංශ එක්ව දියත් කර ඇති බව, විදෙස් මාධ්‍ය පෙන්වනවා.

ඉරාකයේ අල් ඛාන් පළාතේ සිදුකළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවට අමෙරිකාව සහ ඉරාකය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් ම එම ප්‍රහාරයෙන් තවත් ISIS ප්‍රබල සාමාජිකයෙක් ද මියගොස් ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *