ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයාට හිස තෙල් ගෑම

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අද (16) සිදුකෙරුණා.

ඒ අනුව, නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ කෙරුණූ අතර, දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153 ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදු කෙරුණු බව වාර්තා වෙනවා.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණු බව සඳහන් වෙනවා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *