ඉන්න තැන මාරු වෙන මොනාලිසා

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි “ලුවර්” කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති ලොව ප්‍රකට මොනාලිසා සිතුවම, එය දැනට ප්‍රදර්ශනයට තබා ඇති ප්‍රදර්ශන ශාලාවෙන් ඉවත් කර එම කෞතුකාගාරයේම වෙනත් ප්‍රදර්ශන ශාලාවක් වෙත ගෙන යෑමට ප්‍රංශ බලධාරීන් විසින් සැලසුම් කර ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් නිවේදනය කර තිබෙනවා.

සුප්‍රකට ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් සිත්තම් කරන ලද මෙම මොනාලිසා සිතුවම, එය මෙතෙක් ප්‍රදර්ශනය කළ ලොව ප්‍රකට “ලුවර්” කෞතුකාගාරයේ ප්‍රදර්ශන ශාලාවෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත්තේ එම කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි අංගයක් ලෙස බවයි වාර්තා වෙන්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයා පවසන ආකාරයට, මොනාලිසා සිතුවම 2031 වසරේ දී වෙනත් ප්‍රදර්ශන ශාලාවක් වෙත ගෙන යන අතර, එම සිතුවම නැරඹීම සඳහා වෙනම ගාස්තුවක් කෞතුකාගාරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *