නවීකරණය වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ පැරණි අලෝක පද්ධතිය වෙනුවට නව ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විටත් එහි කටයුතු අවසන් අදියරේ පවතින අතර, පැරණි අලෝක පද්ධතිය වෙනුවට ඛෑෘ අලෝක කුලුණු පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඛෑෘ අලෝක කුලුණු හයකින් සමන්විත මෙරට දෙවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වීමට නියමිත අතර, පරැපමු තැන හිමිවෙන්නේ, ඛෑෘ අලෝක කුලුණු හයකින් සමන්විත රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට නව ආලෝක පද්ධතියක් සවි කිරීමේ කටයුතු නිසා මාස කිහිපයක් එම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වුණේ නැති බවත්, නව අලේක පද්ධතිය සවි කිරීමෙන් පසු යළි ප්‍රේමදාස පිටියේදී තරග පැවැත්වීමට නියමිත බවත් සඳහන් වෙනවා.

විශේෂයෙන් ම හෙට සහ ලබන සිකුරුදා පැවැත්වෙන ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරග දෙක දිවා තරග ලෙස ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන්නේ, එම ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය නවීකරණය කිරීම හේතුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *