ඔබට සුභ ගමන්

නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්න වැඩිහිටයන්ගේ රස නහර පිනා යන නාමයක් තමයි නූටෙල්ලා “Nutella” කියන්නේ. නූටෙල්ලා කියන්නේ, චොකලට් වලින් සාදා ඇති දියරමය තවරණයකි.

එය පාන්, බනිස් වැනි දෑ සමඟ මෙන්ම ඇතැම් පළතුරු සමඟත් ආහාරයට ගැනීමට හැකි කදිම කෙටි ආහාරයක් වෙනවා. නමුත් මෙම ලිපියෙන් කියන්න සූදානම් වෙන්නේ ඒ ගැන නම් නෙමෙයි.

ඉතාලියේ Nutella හි පියා ලෙස හැදින්වෙන එහි නිපැයුම්කරු වන ෆ්‍රැන්චෙස්කෝ රිවෙල්ලා (francesco rivella) මහතා පිළිබඳවයි.

රිවෙල්ලා මහතා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ඔස්සේ නැවතත් කතා බහට ලක්වූයේ පසුගිය 14 වනදා එසේත් නැතැනම් වැලන්ටයින් දිනයේයි. ඒ ඔහු මෙලොවින් සමුගැනීමත් සමඟයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 97 ක් බව සඳහන් වෙනවා.

රිවෙල්ලා මහතා, සිය වෘත්තිය ජීවිතය ආරම්භ කර තිබෙන්නේ, 1952 වසරේ දී ඉතාලියේ ප්‍රසිද්ධ චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හියි. ඔහු එහි ාස්වය කර තිබෙන්නේ, රසායනඥයෙකු ලෙසයි.

වාර්තා වල සඳහන් වන අන්දමට එහිදී ඔහු වඩාත්ම කැපී පෙනෙන නිර්මාණ කිහිපයක් බිහි කර තිබෙනවා.

පරිපූර්ණ රසයක් නිපැදවීම සඳහා අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම, පිරිපහදු කිරීම, රස බැලීමෙන් නව නිෂ්පාදන සංවර්ධනය කිරීම, අමුද්‍රව්‍ය අධ්‍යයනය කිරීම වැනි රාජකාරි සඳහා ඔහු එහිදි වඩාත් කැපවීමෙන් සේවය කර තිබෙනවා.

Nutella හි වෙබ් අඩවියට අනුව එය අමුද්‍රව්‍ය හතකින් සාදා තිබෙනවා. ඒ සීනි, පාම් තෙල්, හෙසල්නට්, කිරි, කොකෝවා, ලෙසිතින් සහ වැනිලා වලිනි.

වාර්තා වල සඳහන් වන හැටියට, වර්ථමානයේ ඇති Nutella හි වට්ටෝරුව නිවැරදි රසයට ගැනීමට ඔවුන්ට දශකයකට වැඩි කාලයක් ගත වී තිබෙනවා.

කෙසේ වෙතත්, රිවෙල්ලා මහතා ෆෙරේරෝ සමාගමේ කැපි පෙනෙන සේවකයෙකු මෙන්ම නැතුවම බැරි සේවකයෙකු බවට පත්ව තිබෙන බවත් පසුව ඔහු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙසද කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වුවත් ලොකු කුාඩා සැමගේ ආදරය දිනාගත් රස ලොව ප‍්‍රමුඛ ස්ථානයක් හිමි Nutella, ලොවට හඳුන්වා දුන් ෆ්‍රැන්චෙස්කෝ රිවෙල්ලා මහතාගේ නාමය ඉතිහාසගත වනු නොඅනුමානයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *