LTTE ය ගැන පාපොච්චාරණයක්ද?

2001 වසරේදී තමාට ඛඔඔෑ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවුණේ, එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවුණූ ආර්ථික පසුබෑම හමුවේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ 27 දිනයේ, ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7 වන අතල් බිහාරි වාජ්පායි දේශනයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.
එම කාලය තුළදී තමන්ට දරුණු දේශපාලනික අර්බුදයකටද මුහුණ දීමට සිදු වූ බව, ප්‍රධාන දේශනය පවත්වන අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ එම ප‍්‍රකාශය පහතින් දැක්වෙනවා.
“මම දෙවනවරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් මාසයේ තේරීපත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණු දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. ශ්‍රී ලංකාවේ හමුදාවට පසුබසින්න වුණා. LTTE ප්‍රහාර හමුවේ සහ ස්ථාන රැසක බලය ගිලිහුණා. වරාය සහ ගුවන්තොටුපොළ හමුවේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ ගුවන් යානා පැමිණීම නතර වුණා. ආර්ථිකය වසා දැමීමමකට මුලපුරමින් අපිට තිබුණේ. LTTE සමග සටන්විරාමයකට එළැඹීමේ විකල්පය පමණයි තිබුණේ. අගමැති වුණාට පසු මම වහාම නවදිල්ලිය බලා පිටත් වුණා”.