ඉර බැහැලා ගියාම අහස බලන්න

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7 ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
ඒ අනුව, අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බව ඔහු පවසනවා.
පෘතුවිය හැර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ග්‍රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරනවා.