හැම දවසකම පැය දෙකක් වහන්න තීරණය කරලා

සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙස වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මීට හේතුව ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ දිනවල පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණ ඇතිව මෙය සිදු කරන බවයි.

කෙසේ වවත් මෙසේ වසා තබන කාල වේලාව තුළ පැමිණෙන සංචාරකයින් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *