ලංකාවට ගොඩ බැස්ස ඉෂාධි

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා එම තරගාවලියේ අනූශූරතාව හිමි කරගත් ඉෂාදි අමන්දා ඊයේ (04) දිවයිනට පැමිණියා.
මෙම තරගාවලිය ඉකුත් 30 දා ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ඉෂාදි අමන්දා දිවයිනට පැමිණි විගස, ගුවන් තොටුපල පරිශ‍්‍රයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබූ, පිළිගැනීමේ උත්සවයට සහභාගී වූණා.
ඉෂාදි අමන්දා සහභාගී වූ මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු ද, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා, එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිලපිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු එම ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඉෂාදි අමන්දා පිළිගැනීමට ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වෙනවා.
ඉෂාදි අමන්දාගේ දෙමාපියන් මෙන්ම සැමියා සහ දියණිය ද ප්‍රංශයේ පදිංචි වී සිටින බව සඳහන් වෙනවා.