ජාත්‍යන්තර කාන්තා දිනය

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට 08 යෙදී තිබෙනවා.
කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර, 1908 වසරේ නිව්යෝර්ක් නුවර පැවැති එම විරෝධතාවට 15,000 කට වැඩි පිරිසක් එක්වී තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත් පළමුවරට කාන්තා දිනය සැමරූ බවට නිල වශයෙන් වාර්තා වන්නේ 1909 වසරේ පෙබරවාරි මස 28 වනදායි. සමාජ ක්‍රියාකාරිනී තෙරේසා මල්කියෙල්ගේ යෝජනාවකින් අමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් නිව්යෝර්ක් නුවරදී එලෙස කාන්තා දිනය සමරා තිබෙන බවත්, කෙසේ නමුත් එය ජාතික සැමරුමක් පමණක් වු බවත් සඳහන් වෙනවා.
පළමුවරට ජාත්‍යන්තර වශයෙන් කාන්තා දිනයක් සමරා ඇත්තේ 1911 වසරේ මාර්තු 19 වනදායි. සඳහන් වෙනවා. ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ, කාන්තාවන්ට සම අයිතිය හිමිවිය යුතු බවට එවක යුරෝපයේ ඇතිවූ මතවාදයි.
එදිනම ඩෙන්මාර්ක, ඔස්ට්‍රියානු, ජර්මානු සහ ස්විට්සර්ලන්ත කාන්තාවන් මිලියන ගණනක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ බවට වාර්තාවල සඳහන් වෙනවා.
ඊට සමගාමීව ඔස්ට්‍රියාවේ සහ හන්ගේරියාවේ පමණක් සම කාන්තා අයිතීන් ඉල්ලමින් පැවැත්වුණු විරෝධතා ගණන 300 ඉක්මවූ අතර, කාන්තාවන්ට ඡන්ද අයිතිය සහ රජයේ තනතුරුවල සේවය කිරීමේ අයිතිය ඉල්ලමින් ද මේ සමයේ යුරෝපය පුරා විරෝධතා පැවැත්වුණු බව වාර්තා වෙනවා. ඒ අදාළ කාලවකවානුව කාන්තා අයිතීන් පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වුණු කාල සීමාවක් වීම හේතුවෙනි.
කෙසේ වුවද ඒ වනවිටත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිශ්චිත දිනයක් තීරණය වී තිබුණේ නැති අතර, ඒ අනුව, යෝජනා වී තිබුණේ පෙබරවාරි මස අග භාගයේ දී හෝ මාර්තු මස මුල දී කාන්තා දිනය සැමරිය යුතු බවයි. ඒ අනුව, 1914 වසරේ මාර්තු මස 08 වනදා ජර්මනියේදී ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබූ බවත්, එම දිනයේ :මාර්තු 8 වනදා* ජාත්‍යන්තර කාන්තා දිනය සමරා ඇත්තේ නිවාඩු ඉරිදා දිනයක් වීම හේතුවෙනි.
එහෙත් 1967 වසර වන තෙක් කාන්තා අයිතීන් හෝ කාන්තා දින සැමරුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුවී නැති අතර, 1970 සහ 80 දශකයේ නැවතත් කාන්තා අයිතීන් දෙසට අවධානය යොමු වුයේ සම වැටුප් ඇතුළු සම කාන්තා අයිතීන් වෙනුවෙන් සහ කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් හඬ නැගීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ද අවධානය යොමුවූ අතර, ඔවුන් පළමුවරට ජාත්‍යන්තර දිනය සැමරුවේ 1975 වසරේ දීයි. 1977 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි අතර, ඔවුන් මාර්තු 8 එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමටත් කටයුතු කර තිබෙනවා.
මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ස්ථිරව පිළිගැනුනේ ඉන් පසුවයි.
එතැන් පටන් එක්සත් ජාතීන් ඇතුළු රටවල් ගණනාවක සෑම වසරකම විවිධ ජාත්‍යන්තර තේමාවක් පදනම් කර ගෙන මාර්තු 08 වැනිදා කාන්තා දින සැමරුම් සිදුකරනවා.