ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය – 2025

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27 වනදා සිට ඔක්තොබර් මස 5 වනදා දක්වා තලවතුගොඩදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
වසර 21 කට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගීවීමට නියමිතයි.
මෙම තරගාවලිය විවෘත පිරිමි, විවෘත කාන්තා, වයස අවුරුදු 22 න් පහළ පිරිමි සහ කාන්තා කාණ්ඩ ලෙස කාණ්ඩ 4 ක් ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් වෙනවා.
1995 වසරේදී පළමුවරට එංගලන්තයේ සත්කාරකත්වය යටතේ ආරම්භ කරනු ලැබූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව 2004 වසරේදී සත්කාරකත්වය ලබාදෙන ලදී.