ශ‍්‍රී ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේත් ඇතුළත්

අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්වයක් බව වතිකානය නිවේදනය කරනවා.

මේ අතර, ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

ඒ කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීවයෙන්, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකිනි.

මීළඟ පාප් වහන්සේ ලෙස අභික්‍ෂේක ලැබීමට වඩාත් සුදුසුකම් ඇති කාදිනල්වරුන් 6 දෙනෙක් ඇතුළත් ලැයිස්තුවක් මේ වන විට ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ අතර ශ‍්‍රී ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේද වන බව සඳහන් වෙනවා.

ඒ හැරුණු විට පිලිපීනයේ කාදිනල් ලූයිස් ඇන්ටෝනියෝ ටැගල් හිමි, ඉතාලියේ කාදිනල් පියෙට්‍රෝ පැරොලින් හිමි, ප‍්‍රංශයේ කාදිනල් ජින්මාක් ඇවලීන් හිමි, නෙදර්ලන්තයේ කාදිනල් විලෙමි අයිජික් හිමි සහ ගිනියාවේ කාදිනල් රොබට් සාරා හිමි යන කාදිනල්වරුන් ඊට ඇතුළත් වෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *