අද බැරි වුණොත් ආයෙත් 2040 දී

අද (28) දිනයේදී ග්‍රහලෝක 7 ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසින්ට උදාවෙන බව නාසා ආයතනය සඳහන් කරනවා. මෙම දුර්ලභ අවස්ථාව රටවල් විශාල සංඛ්‍යාවකට දිස්වන බව එම ආයතනය පවසනවා.

ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී බවත් නාසා ආයතනය සඳහන් කරනවා.

අදාළ ග්‍රහලෝක අතරින් බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට පෙනෙන අතර, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හඳුනා ගැනීමට දුරේක්ෂයක් අවශ්‍ය වෙනවා.

මේ අතර මෙම සංසිද්ධිය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසුන් විසින් රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් සංවිධානය කර තිබෙන බව වාර්තා වෙනවා.

අද (28) සවස 6.20 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේදී එය ක්‍රියාත්මක වන බව, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරනවා.

විශේෂයෙන්ම මෙම නිරීක්ෂණ කඳවුර, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම මහජනතාවට ද විවෘත බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *